නිතරම කේන්තියෙන් දවස ගෙවන විවිධ වූ කේන්තිකාර චරිත ඔබටත් ඔබේ වෘත්තීය ජීවිතය තුළ මුණගැහිලා ඇති.සමහරවිට මේ ලිපිය කියවන ඔබත් එවන් කේන්තිකාර චරිතයක් වෙන්න පුළුවන්.විවිධ හේතු නිසා මේ තත්වය ඇති විය හැකියි.සාමාන්‍යයෙන් සැහැල්ලුවෙන් දවස පටන් ගන්න ඔබ හීන දැක්කට පුදුමාකාර කලබලයකින් ඔබ ආරම්භ කරන දවස ඔබටත් නොදැනීම ඔබ තුළ කේන්තිකාරයෙක් නිර්මාණය කරයි.මීට ආසන්නතම හේතුව ලෙස පෙර දින ඔබේ නින්ද බලපෑ හැකියි.ඉතින් මේ ලිපියෙන් අපි කතා කරන්න සූදානම් වන්නේ පෙර දින ඔබේ නින්ද පසුදිනට ඔබව සූදානම් කරන ආකාරයයි.
- නින්දෙහි වැදගත්කම :
පුද්ගලයාගෙන් පුද්ගලයාට නින්ද වෙනුවෙන් වෙන්කළ යුතු කාලය විවිධාකාරයි.සාමාන්‍යය පුද්ගලයෙකුට ප්‍රමාණවත් නින්දක් ලැබීමට නම් අවම වශයෙන් පැය 7ක් හෝ 8ක් අවශ්‍යයි.එය ලොව පුරා කෙරෙන පර්යේෂණවලින් පවා සහතික කරගත්තකි.ඔබ විභාගයක් හෝ වෙන යම් අත්‍යාවශ්‍ය කාර්යකට හැර නිකරුණේ නින්ද කැප කරනවා නම් එය එතරම් හොඳ තත්වයක් නොවෙයි.ඔබට නොදැනීම ඔබ තුළ අනවශ්‍ය පීඩනයකින් යුතු පුද්ගලයෙකු එමගින් නිර්මාණය කරයි.එමෙන්ම පසුකාලීනව ඇති වන රෝගාබාධවලට ද ප්‍රමාණවත් නින්දක් නොලැබීම ප්‍රබල ලෙස හේතු වේ.
මානසික ආතතිය ,මානසික ව්‍යාකූල බව ,අනවශ්‍ය කලබලය ,නොරිස්සුම් සහගත බව ,කනස්සලු ස්වාභාවය වැනි තත්වයන් පෙර දින රාත්‍රි නින්ද අවම වීම නිසා ඔබ තුළින් දැකිය හැකිය.ප්‍රසන්නව සිනා මුසු මුහුණකින් දිනය ආරම්භ කිරීමට ඔබ සිහින දකිනවා නම් මූලිකවම ඔබ කළ යුත්තේ ප්‍රමාණවත් නින්දක් ලැබීමයි.ඔබ තුළ ඇති ධනාත්මක සිතුවිලි හීන කරන එක හේතුවක් ලෙසත් ප්‍රමාණවත් නින්දක් නොලැබීම යන කරුණ දැක්විය හැකියි.
- සුවදායි නින්දකට :
සුවදායි නින්දක් නොලැබීමට විවිධ කාරණාවන් හේතු විය හැකිය.නමුත් ඔබටම ඔබේ නින්ද ඉතාමත් සුවදායි නින්දක් බවට පත්කරගත හැකිය.සැහැල්ලු සිත් ඇදගන්නා සුළු පොතක් කියවීම ,මනස සන්සුන් කරන ගීතයකට හෝ සංගීතයකට සවන්දීම ,ඔබේ පවුලේ සාමාජිකයන් හෝ ඔබේ ආදරණීයන් සමග කෙටි පිළිසදරක නිරතවීම යනාදිය තුළින් ඔබට සුවදායි නින්දක් ලැබිය හැකිය.
එමෙන්ම නින්ද සඳහා සැහැල්ලු ඇඳුමක් තෝරාගැනීම ,නින්දට පෙර ඇඟ සේදීම ,විනාඩි කිහිපයක් භාවනා කිරීම තුළින් ද ඔබට හොඳ නින්දක් ලැබිය හැකිය.එමෙන්ම අඩුවෙන් හෝ අධික ලෙස නොගෙන ප්‍රමාණවත් තරම් වූ කෙටි ආහාරයක් ගැනීම ද ඔබේ නින්ද සුවදායි කිරීමට උපකාරී වේ.ඔබ නිදන තැන දුහුවිලි පිරුණු අපිරිසිදු තැනක් නොවී ඉතාමත් පිරිසිදු තැනක් වීමත් ඔබේ නින්ද සුවදායි කිරීමට හේතුවක් වේ.
- නින්දට ඇති බාධා :
ඔබේ නින්දට ඇති බාධා කිහිපයකි.ඔබට අමතරව ඔබේ ඇඳ මත ස්මාර්ට් දුරකතනයක් ,ලැප්ටොප් පරිගණකයක් ඇත්නම් ඒ ඔබේ නින්දට ඇති ප්‍රබල බාධකයයි.මන්ද එකී විද්‍යුත් තිරයන්ගෙන් නිකුත් වන කිරණ ඔබේ මොළය අවදිව තබන බැවිනි.එනිසාම ඔබට නොදැනීම ඔබව අලුයම දක්වාම අවදිව තබයි.සමාජ ජාලාවන් තුළ ඇබ්බැහිකමක් ඇතුව සැරිසරන ඔබට නිරායාසයෙන්ම නින්ද දුරය.රාත්‍රි සමාජ ශාලාවන්ට පුරුදු වූ ඔබට ද නින්ද දුරය.එමෙන්ම මත්පැන් බීමට ඔබ යොමුව ඇත්නම් එය ද ඔබේ නින්දට ඇති බාධාවකි.මන්ද එය ඔබව නින්ද අතරතුර ශරීර කෘත්‍යන් කිරීමට ඔබව නින්දෙන් අවදි කරවන බැවිනි.
දවස පුරා ඇඳ සිටි අපිරිසුදු තද ඇඳුම් රාත්‍රි සුවදායි නින්දට උචිත නොවේ.එමෙන්ම අධික ලෙස ආහාර ගැනීමත් ,මද වශයෙන් ආහාර ගැනීමත් නින්ද පමා කරයි.දවල් කාලය තුළ ඔබ ලබන කෙටි නින්ද ඔබේ රාත්‍රි නින්දට ඇති බාධකයකි.
එසේ නම් ඔබටත් ඔබේ දවස ඉතාමත් සැහැල්ලුවෙන් සාර්ථක ලෙස ගෙවීමට අවශ්‍ය නම් ඔබේ නින්ද සුවදායි මෙන්ම ප්‍රමාණවත් නින්දක් බවට පත්කර ගැනීමට උත්සාහ ගන්න.
An Award-winning Website
for the Best SEO campaign of 2020,
SLIM DIGIS 2.0 Awards
Striving towards making Sri Lanka a better place to shop with great savings